දකුණු කොරියානු සෙවොල් යාත්‍රා අනතුරේදී තම ජීවිත ගැන නොතකා මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිපිදූ එම යාත්‍රාවේ සේවය කළ නාවිකයන් තිදෙනෙකු දකුණු කොරියානු රජයේ ගෞරවයට පාත්‍ර වී තිබේ.
ජන්ග් හයුන්-සෙඔන් සහ කිම් කී-වූන්ග් නමැති දෙපොළ හා පාර්ග් ජී-යන්ග් ඊයේ (12දා) එරට රජය විසින් ප්රාණත්යාගීන් ලෙස නම් කරමින් ඔවුන්ට ගෞරව දැක්වීය.
පුද්ගලයන් 300කට වැඩි පිරිසකට මරු කැඳවමින් පසුගිය අප්‍රේල් 16 වැනිදා දකුණු කොරියාවේ ජේජු දූපත් වෙත ගමන් කරමින් තිබියදී අනතුරට පත්වූ සෙවොල් යාත්‍රාවේ ගමන්කළ වැඩි පිරිසක් එරට උසස් පාසලක සිසු දරු දැරියන් විය.
මෙම අනතුර සම්බන්ධයෙන් නෞකාවේ කපිතාන්වරයාට සහ තවත් නැවියන් පිරිසකට චෝදනා එල්ලවී තිබුනේ සියලුම මගීන් බේරාගැනීමට ප්‍රථම ඔවුන් ඉන් ඉවත්වී තිබූ නිසාය.
පුද්ගලයන් 476 දෙනෙකු සමග ගමන් කරමින් සිටියදී මුහුදුබත් වූ සෙවොල් යාත්‍රා අනතුරින් දිවි ගලවාගෙන තිබුනේ පුද්ගලයන් 172 දෙනෙකු පමණි.