සුව සැලසූ ගැහැණුන් හෙවත් දෙවැනි ලෝක යුද්ධය සමයේදී ජපාන හමුදාවන් වෙනුවෙන් ලිංගික වහලියන් ලෙස යෙදවූ තරුණියන් සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට ජපාන හා දකුණු කොරියානු නායකයන් සමත්ව තිබේ.
ඒ අනුව, මෙම අතීත සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව ප්රකාශ කරන ජපානය ඇ.ඩො.මිලියන 8.3ක මුදලක් මෙම කාන්තාවන්ට සෙත සැලසීම සඳහා ලබාදීමට එකඟත්වය පළ කර තිබේ.
වාර්තාවන්ට අනුව දෙවැනි ලෝක යුද්ධය සමයේදී තරුණියන් ලක්ෂ 2ක් පමණ ජපාන සොල්දාදුවන් වෙනුවෙන් ලිංගික වහල් සේවයේ යොදවා ඇති අතර, ඉන් බහුතරය දකුණු කොරියානු තරුණියන් ලෙස සැලකෙයි.