සිරියානු ආරක්ෂක අංශ විසින් සුන්නි සටන්කාමීන්ට එරෙහිව ඉරාක දේශසීමාවේ සිදුකරන ගුවන් ප්‍රහාරවලට තමාගේ සහාය හිමිවන බව ඉරාක අගමැති නූරි මලීකී පවසා සිටියේය.
හමුදා සහ සටන්කාමීන්ගෙන් ලැබෙන තොරතුරු අනුව මේ ප්‍රහාර ක්වයිම් දේශසීමාවෙන් ඔබ්බට ඉරාකය තුළද සිදුව ඇති බව කියැවුණත්, මලීකී පවසන්නේ ඒවා සිරියාව පැත්තේ සිදුව ඇති බවයි.
ISIS සුන්නි ඉස්ලාමීය සටන්කාමීන් මේ වනවිටත් පසුගිය මාසයක කාලය තුළ ඉරාකයේ විශාල ප්‍රදේශයක් තම ග්‍රහණයට ගෙන තිබේ.
එහිදී, උතුරින් හා බටහිරින් පැමිණෙන සටන්කාමීන් පාලනය කිරීම සඳහා ඉරාක ආරක්ෂක අංශ දැඩි පරිශ්රමයක නිරත වෙමින් සිටියි.
මේ අතර, ඇමෙරිකානු හමුදාවේ විශේෂ යුද උපදේශකයන් පිරිසක්ද පසුගියදා ඉරාකය වෙත පැමිණියේ ඉරාක හමුදාවට අවශ්‍ය යුද උපදෙස් ලබාදීම සඳහාය. මේ අතර, ඉරානය වැනි ෂියා මුස්ලිම් රාජ්‍යයන්ගෙන් ඉරාකය වෙත සහාය හිමිවෙමින් තිබේ.