සිරියාවේ ඇලෙප්පෝ නගරයේ කැරලිකරුවන් සිටින ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ උතුරුදිග හලාක් දිස්ත්‍රික්කයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
මේ අතර, ඇලෙප්පෝ මාධ්‍ය මධ්‍යස්ථානය පවසන පරිදි මරණ සංඛ්‍යාව 40ට වඩා වැඩිවිය හැකිය. මෙම ගුවන් ප්‍රහාරයෙන් නිවාස සංකීර්ණ දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පැවසෙයි.
මීට පෙර පසුගිය බදාදා දිනයේදීද රජයේ ප්‍රහාරක යානා විසින් දකුණුදිග ඇලෙප්පෝ ආශ්රිත පාසලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එහිදී පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඒ අතර පාසල් ළමුන් 10 දෙනෙකුද සිටි බව පැවසෙයි.