IS ඉස්ලාම් රාජ්ය ත්රස්තවාදයට එරෙහි සටන් වදින ඒකාබද්ධ පාර්ශ්වය සමග අලුතින් තේරීපත් වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ද එකතු වනු ඇති බවට තමා විශ්වාස කරන බව සිරියානු ජනපති බෂර් අල්-අසාද් පවසයි.
ත්රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා දැනටමත් සිදුවන ක්රියාවලියට ඔහු සහාය දකවන්නේ නම්, ට්රම්ප් ස්වභාවිකවම සිරියාවේ මිතුරෙකු වනු ඇති බවද හෙතෙම අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ප්රතිපත්ති සම්බන්ධයෙන් ඕනෑ තරම් අත්දැකීම් ලෝක දේශපාලනය තුළ පවතින බැවින්, ඔහු මුලින් පැවසූ දේ බලයට පත්වීමෙන් පසුවත් සිදුකරනු ඇතිද යන්න සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්වාසයක් නොමැති බවද හෙතෙම පවසා තිබේ.
සිරියාව තුළ සිදුවන යුද වාතාවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්රම්ප් මුලින් පවසා තිබුණේ. ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ට මෙන්ම අසාද් හමුදාවට යන දෙපාර්ශ්වයටම එරෙහි වීම පිස්සුවක් බවයි. එමෙන්ම, සිරියාවේ සිදුවන මේ සටන රුසියාව සමග සිදුවන සටනක් දක්වා දුරදිග යනු ඇති බවද ඔහු අවධාරණය කර තිබුණි.