සිරියාවේ ටාර්ටස් හි පිහිටි රුසියානු නාවික හමුදා කඳවුර වෙත එස්-300 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතියක් යැවූ බව රුසියාව තහවුරු කර තිබේ.
එම නාවික හමුදා කඳවුරට ගුවනින් එල්ල විය හැකි ප්‍රහාරයක් වැළැක්වීම ගුවන් ආරක්ෂණ පද්ධතිය එහි ස්ථාපිත කිරීමට හේතුව බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉගෝර් කොනෂෙන්කෝව් මාධ්‍ය වෙත පවසා තිබේ.
සිරියාවේ ක්‍රියාත්මක IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදයට එරෙහිව රුසියාව සමග එක්ව ප්‍රහාර එල්ල කිරීමේ සාකච්ඡාවලින් ඇමෙරිකාව ඉවත් වීමට තීරණය කිරීමත් සමග රුසියාව විසින් මෙම පෙර සූදානම ගෙන ඇති බවද කියැවෙයි.
පසුගිය මාසයේදී මේ සම්බන්ධයෙන් දෙරටේ මැදිහත් වීමෙන් සිරියාව තුළ සටන් විරාමයක් දියත් වුවද, එයද දින කිහිපයකින් කඩා වැටුණු අතර, අවසානයේදී ඇමෙරිකානු හා රුසියානු යුද උණුසුම වැඩි විය.
එහිදී, අසාද්ට හිතවාදී රුසියාවට ඇමෙරිකාව චෝදනා කරද්දී, රුසියාව ඇමෙරිකාව වෙත ඇඟිල්ල දිගුකරමින් ඔවුන් ත්රස්තවාදයට උදව් කරන බව කියා සිටී.