සිරියානු සිවිල් යුද්ධය සම්බන්ධ පළමු රාජතාන්ත්රික සාකච්ඡාවේදී සියලු ප්රතිවාදීන් එක මේසයකට පැමිණෙන බව විදෙස් වාර්තා පවසයි.
වියානා නුවරදී ඇරඹෙන මෙම සාකච්ඡා සඳහා සිරියානු ජනපති බෂර් අල් අසාද් හිතවාදී රුසියාව, ඉරානය මෙන්ම, අසාද් විරෝධී ඇමෙරිකාවද සහභාගි වීම විශේෂත්වයකි.
සිරියාව සම්බන්ධ රාජතාන්ත්රික කටයුත්තකට ඉරානය මැදිහත් වන ප්රථම අවස්ථාව මෙය ලෙසද සැලකෙයි.
කෙසේ වෙතත්, සිරියානු රජයේ හමුදා විසින් එල්ල කරන ලද බෝම්බ ප්රහාර හේතුවෙන් ඩමස්කස් ආසන්නයේ සිවිල් වැසියන් 40කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවටද රජයට චෝදනා නැගෙයි.