සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශය වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මාලාවක් හේතුවෙන් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති තිබේ.
බටහිර ලැදි මාධ්‍ය පෙන්වාදෙන පරිදි මෙම ගුවන් ප්‍රහාරය රුසියාව විසින් එල්ල කරන ලද්දක් ලෙස පවසයි.
කෙසේ වෙතත්, ඇතැම් ස්වාධීන මාධ්‍යයන්ට අනුව මෙම ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කරන ලද්දේද යන්න තවමත් නිශ්චිතව පැහැදිලි වී නොමැත.
ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින සිරියාව වෙත ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය මෙන්ම, රුසියාවද ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.
මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර කුඩා දරුවන් සිටින බවත්, තවත් 170කට ආසන්න පිරිසක් මින් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.