සැකකටයුතු රසායනික අවි ගබඩා සංකිර්ණයක් වෙත ප්රහාර එල්ල කරන බව පවසමින් ඊශ්රායල් ප්රහාරය යානා විසින් බටහිර සිරියාවේ හමුදා කඳවුරක් වෙත ප්රහාර එල්ල කර ඇති බව සිරියානු ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
මස්යාෆ් ආසන්න ප්රදේශයට ලෙබනන් ගුවන් සීමවේ සිට මෙම රොකට් ප්රහාර එල්ල කර ඇති බවත්, ඉන් සිරියානු ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.
අරාබි පුවත් සේවා සහ නිරීක්ෂණ කණ්ඩායම් පවසා සිටියේ රසායනික අවි කඳවුරක් ඉලක්ක කරමින් මෙම ප්රහාරය සිදුව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඊශ්රායල් හමුදාවෙන් කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ දැනට සිදුවන මෙහෙයුමක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය නොහැකි බවයි.