රුසියානු ගුවන් හමුදාවේ ප්රබල ප්රහාරක ශක්තියද සමග සිරියානු රජයේ හමුදා සෙනසුරාදා දිනය වනවිට අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්ත ග්රහණයේ තිබූ ඓතිහාසික පැල්මයිරා නගරය තුළට පිවිස සිටී.
මේ තත්ත්වයත් සමග එම පළාතේ දිස්ත්රික් කිහිපයක බලය මේ වනවිට රජයේ හමුදාව අතට පත්ව ඇති අතර, මෙය මෙම ලෝක උරුම නගරය ත්රස්තයන් අතට පත්වීමෙන් පසුව ඔවුන් මුහුණදෙන ප්රබලය ප්රහාරය ලෙස විදෙස් වාර්තා පවසයි.
සිරියානු රූපවාහිනිය වාර්තා කරන ආකාරයට රජයේ හමුදාවන්ට අයත් යුද ටැංකි නගරය වෙත ගමන් කරන ආකාරය, ගොඩනැගිලිවලින් දුම් රෝටු නැගෙන ආකාරය මෙන්ම, ජය ඝෝෂා නගන හමුදාවන්ද දැකිය හැකිය.
නිරීක්ෂණ සංවිධානවල තොරතුරුවලට අනුව මේ වනවිට සම්පූර්ණ නගරයේ පාලනයෙන් තුනෙන් දෙකකට වඩා රජයේ හමුදාව අතට පත්ව ඇති අතර, ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් නැගෙනහිරට පළා යමින් සිටින බවද කියැවෙයි.
ලෝක උරුම නගරයක් වූ පැල්මයිරා නගරය පසුගිය වසරේදී අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් අතට පත්වීමෙන් පසු එහි තිබූ පෞරාණික ගොඩනැගිලි කිහිපයක් ඔවුන් විසින් පුපුරුවා හැරි අතර, තවත් නටඹුන් ඩොසරයටත්, කුළු ගෙඩියටත් යටවිය.
කෙසේ වෙතත්, මේ ලෝක උරුම නගරය නැවතත් ලෝකය හමුවේ ආරක්ෂා කරමින් ගොඩනගන බවට සිරියානු රජය මේ වනවිටත් ප්රතිඥා දී තිබේ.