සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය සමග රුසියාව ඇතිකර ගෙන ඇති මතභේදකාරී වාතාවරණය හේතුවෙන් රුසියානු ජනාධිපතිවරයාගේ ප්රංශ සවාරිය අවලංගු කර තිබේ.
මෙම සංචාරයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ප්රංශ ජනපති ප්රංශුවා හොලන්දේ සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිතව තිබූ අතර, එරට ඔර්තඩොක්ස් දේවස්ථානයක් විවෘත කිරීමටද නියමිතව තිබුණි.
ප්රංශ ජනාධිපති කාර්යාලය පෙන්වාදෙන පරිදි මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡා සිරියානු අර්බුදය සඳහා පමණක් සීමාවනු ඇති බවට එරට රජය නිවේදනය කිරීමත් සමග රුසියාව මෙම සංචාරය අවලංගු කර තිබේ.
එමෙන්ම, සිරියාවේ ඇලෙප්පෝ නගරය වෙත ගුවන් ප්රහාර එල්ල කිරීම හේතුවෙන් රුසියාවට යුද අපරාධ චෝදනාවලට මුහුණදීමට සිදුවනු ඇති බවට ප්රංශ ජනාධිපතිවරයා සිදුකර තිබූ ප්රකාශයද මෙම සංචාරය අවලංගු කිරීමට හේතු වී ඇත.
කෙසේ වෙතත්, තමන් සිරියාව වෙත සිදුකරන ප්රහාර අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් ඉලක්ක කරමින් පමණක් සිදුකරන බව පවසන රුසියාව ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය මෙන් අන්තවාදීන්ට සහාය නොදෙන බවද අවධාරණය කරයි.