සිරියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සිරියානු දරුවන් කිවනොහැකි හා දරාගත නොහැකි පීඩාවකින් පසුවන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී-මූන් මහතා පවසයි.
මේ වනවිට ගැටුම්වලට මැදිවී සිටින සිරියානු දරුවන් රජයේ හමුදාවන්ගේ ලිංගික අපහරණයට හා වධහිංසාවන්ට ලක්වන බවත්, කැරලි හමුදාවන්ට බැඳී සටන් වැදීමට ඔවුන් සිදුවී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙයි.
එම වාර්තාවේ තක්සේරුවට අනුව මේ වනවිට ගැටුම් හේතුවෙන් සිරියානු දරුවන් 10,000 ක් පමණ මරණයට පත්ව ඇත. තවත් විශාල පිරිසක් තුවාල ලබා හෝ අතුරුදන්ව ඇති බවද කියැවෙයි.
මේ තත්ත්වය තුළ දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමටත්, පිළිගැනීමටත් කටයුතු කරන ලෙස මහලේකම්වරයාගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියි.