සිරියානු ගැටුම් හේතුවෙන් මියගිය පිරිස පසුගිය අප්‍රේල් මාසය වනවිට 191,000 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පුරෝකථනය කළ ප්‍රමාණය දෙගුණයකින් වැඩි වීමක් බවත් මානව හිමිකම් මහකොමසාරිස් නවි පිල්ලේ පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ පවසන්නේ මෙම මනුෂ්‍ය ඝාතන අවතක්සේරු කිරීමක් හා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය අංශභාගයෙන් පසුවූ බවයි.
සිරියාවේ ආණ්ඩු විරෝධී කණ්ඩායම් ජනාධිපති බෂර් අල් අසාද්ට එරෙහිව සටන් වදින්නෙ වසර තුනක සිටය. කෙසේ වෙතත් පසුගිය කාලයේදී ඔවුන් සටන් බිමේදී දැඩි පරාජයන් ලැබීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දත්ත ඉදිරිපත් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ සංවිධාන හතරක හා සිරියානු රජයේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවය.
කෙසේ වෙතත් නවිපිල්ලේ මේ දිනවල වැඩි වශයෙන් බටහිර රටවල් සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කරමින් කතා කිරීම අරඹා ඇති බව දක්නට ලැබේ.
නමුත්, ගැටලුව නම්, මෙතරම් මනුෂ්‍ය ඝාතන සිදුවෙද්දී නිහඬව සිටි ඇය තම ධුරයෙන් නික්ම යාම පෙනි පෙනී මෙවැනි කතා කීමය.