(UPDATE) සියරා ලියෝන් රාජ්‍යයේ අගනුවර වන ෆ්‍රීටවුන් ආසන්නයේ සිදුවූ දරුණු නායයෑමකින් හා වැසි ජලයත් සමග නගරයේ බොහෝ නිවාස මඩ තට්ටුවලින් වැසීයාම නිසා මියගිය පිරිස මේ වනවිට 312ක් දක්වා වැඩිවී ඇති බව ප්‍රංශ පුවත් සේවය පවසයි.
සියරා ලියෝන් රාජ්‍යයේ අගනුවර වන ෆ්‍රීටවුන් හි දරුණු නායයෑමකින් හා නගරයේ බොහෝ නිවාස මඩ තට්ටුවලින් වැසීයාම නිසා පුද්ගලයන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් සිය නිවාස සමග පස් කඳු යට සිරවී සිටින බව විදෙස් වාර්තා පවසයි.
අගනුවර ආසන්න කඳුකර ප්‍රදේශයක් වන රීජන්ට් ආශ්‍රිතව ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග මෙම නායයෑම සිදුව ඇති අතර, පහළ පැවති බොහෝ නිවාස පහළට ඇදී ආ මඩ තට්ටුවලට යට වී ඇති බව වාර්තා වෙයි.
සියරා ලියෝන් බී.බී.සී. වාර්තාකරු පවසා සිටියේ මෙම නායයෑම සිදුවන අවස්ථාවේදී බොහෝ දෙනා නින්දේ පසුවී ඇති බවයි.
මේ අතර, බලධාරීන්ට අනුව සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් සහ සුන්බුන් අතර සිරවී සිටින පිරිස් පිළිබඳ පැහැදිලි තොරතුරක් ලබාදීමට නොහැකි තත්ත්වයක්ද මතුවී තිබේ.
කෙසේ වෙතත්, සහන කණ්ඩායම් විසින් මේ වනවිටත් මළ සිරුරු රැසක් මඩ අතරින් පිටතට ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
සියරා ලියෝන් උප ජනාධිපති වික්ටර් බොකාරි ෆෝහ් පවසා සිටියේ නින්දේ සිට සිය ගණනක් මෙම ඛේචවාචකයෙන් අනතුරට පත්වන්නට ඇති බව විශ්වාස කරන බවයි.