කසාක් රාජ්‍යයේ පැවති ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති නුර්සුල්තාන් නසර්බයේව් 97.7% ක ඡන්ද ප්‍රතිශතයක් සමග දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට මධ්‍යම මැතිවරණ කොමිසම පවසන්නේ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමද වාර්තාගත 95.11% ක ප්‍රතිශතයක් පෙන්වූ බවයි.
74 වැනි වියෙහි පසුවන නසර්බයෙව් පස් වැනි වරටත් පස් අවුරුදු ජනාධිපතිවරණ කාල සීමාවට මෙසේ තේරීපත්ව ඇත.
තෙල් සම්පතෙන් ආඪ්‍ය මධ්‍යම ආසියානු රටක් වන කසක් රාජ්‍යය ආර්ථික හා සමාජීය වශයෙන් ස්ථායි රටක් බවට පත්කරන බව ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා පවසා සිටියේය.