ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය පාලම මතට අනවසරයෙන් ගොඩ වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය කියයි.
එරට වේලාවෙන් ඊයේ (17දා) උදෑසන 9.00 ට පමණ ටැක්සි රථයකින් පැමිණ ඔහු, එම පාලම මතදී ටැක්සියෙන් බැස කිසිදු ආරක්ෂක කඹයක් හෝ නොමැතිව මෙම දැවැන්ත වානේ සැකිල්ල තරණය කිරීම අරඹා තිබේ.
මේ තත්ත්වයත් සමග මධ්‍යම සිඩ්නි නුවර රථ වාහන ගමනාගමනයටද බාධා පැමිණ තිබුණේ, පාලම හරහා වූ මංතීරු කිහිපයක් වසා දැමීමත් සමගිනි.
නිව් සවුත්වේල්ස් පොලීසිය පවසන පරිදි මුලින් ඔහුට යළි බසින ලෙස කියා සිටියත්, ඔහු එය ප්‍රතික්ෂේප කළ බවයි. කෙසේ වෙතත්, උදෑසන 10.50 ට පමණ ඔහු පහළ පැමිණි බවත්, පසුව ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
මෙම දැවැන්ත පාලමේ ආරුක්කුවක් වෙත ගොඩවීම සඳහා ඔහු මීටර් 75ක පමණ උසක් එහි තරණය කර තිබූ බවද කියැවෙයි.