සිඩ්නි නුවර ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් යළි ඇරඹෙයි
- 24 12 2014
- 09:50
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ප්‍රතිත්‍රස්ත පොලීසිය විසින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් අයෙකු ත්රස්තවාදයට පහසුකම් සැපයීම හා තවත් අයෙකු පොලිස් අණ නොතැකීම යන චෝදනා යටතේ මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.
පසුගිය සැප්තැම්බර් මාසයේ සිට සිඩ්නි නුවර සිදුවන ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් මාලවේ පියවරක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව එම පොලීසිය පවසයි.
පසුගියදා එරට අවන්හලක් තුළ සිදුවූ ඛේදවාචකයෙන් පසුව ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබෝට් එරට ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති අතර, ත්‍රස්ත අවදානම ඉහළ දමමින් මෙහෙයුම් වැඩිකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
