සිංගප්පූරුවේ මහ මැතිවරණය ඇරඹී ඇති අතර, මෙවර මැතිවරණයෙන් පාලක පී.ඒ.පී. පක්ෂය නැවතත් බලයට පැමිණෙනු ඇති බව විශ්වාස කෙරෙයි.
බොහෝ ඡන්ද කොට්ඨාශවල නියැදි සලකා බැලීමේදී පාලක පී.ඒ.පී. පක්ෂයට 70%ක පමණ ඡන්ද ප්රතිශතයක් පවතින බව කියයි.
සිංගප්පූරුව නිදහස ලැබූ 1965 වසරේ සිටම එරට පාලන බලය පී.ඒ.පී. පක්ෂය විසින් දරණ අතර, ඉන් පසුව වූ සියලු මැතිවරණවල ජයග්රහණය ඔවුන් සතුවිය.
මැතිවරණයේ අවසන් ප්රතිඵලය කඩිනමින් ලබාදීමට එරට මැතිවරණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.