ෆාර්ක් ගරිල්ලන් සමග සාම ගිවිසුමකට එළැඹීම වෙනුවෙන් කොලොම්බියානු ජනපති ජුවාන් මැන්වෙල් සැන්ටෝස් වෙත 2016 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමි වුවත්, ඔහු සමග අනෙක් පාර්ශ්වයෙන් සාම ගිවිසුමට එළැඹි ගරිල්ලා නායක රුද්‍රිගෝ ලොන්ඩෝනෝ වෙත කිසිදු ත්‍යාගයක් හිමී වී නැත.
වසර හතරක දීර්ඝ සාකච්ඡාවකින් පසුව පසුගිය මාසයේදී ෆාර්ක් ගරිල්ලන් සමග සාම ගිවිසුමකට එළැඹීම කොලොම්බියානු ජනාධිපතිවරයා මෙසේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීමට හේතුව බව නොර්වේ නොබෙල් සාම ත්‍යාග කමිටුව ඊයේ (07දා) එය ප්‍රකාශයට පත්කරමින් පැවසීය.
කෙසේ වෙතත්, මෙම සාම ගිවිසුමට එළැඹීම කොලොම්බියානු ජනතාව පසුගියදා පැවති ජනමත විචාරණයේදී ප්‍රතික්ෂේප කිරීමද සුවිශේෂී සිදුවීමකි. එනමුදු, ඉතා සුඵ ඡන්ද සංඛ්‍යාවකින් මෙය පරාජයට පත් වුවත්, සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන බව කොලොම්බියානු ජනාධිපතිවරයා පසුව පවසා තිබුණි.
එමෙන්ම, මෙම සාම ක්‍රියාවලියේ මැදිහත්කරු ලෙස අතිශය භාරධූර කර්තව්‍යයක් සිදුකළ කියුබානු නායක රාහුල් කැස්ත්‍රෝ වෙතද කිසිදු ත්‍යාගයක් හිමි නොවීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, මෙම සාම ගිවිසුම ක්‍රියාවලියට පෙර වසර 52ක කාලයක් පුරා කොලොම්බියාවේ පැවති ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 260,000ක් පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, මේ හේතුවෙන් අභ්‍යන්තරව අවතැන් වූ පිරිස මිලියන හයක් බවද විදෙස් වාර්තා පවසයි.
මෙවර නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ සැන්ටෝස් 1951 අගෝස්තු 10 වැනිදා උපත ලබා ඇති අතර, ඔහු 2010 වසරේදී කොලොම්බියා ජනාධිපතිවරයා ලෙස ප්‍රථම වරට තේරීපත් වෙයි. 2014 වසරේදී යළි එරට ජනාධිපති ධුරයට තේරීපත් වන ඔහු, 2006 සිට 2009 දක්වා එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය. සැන්ටෝස් පුතුන් දෙදෙනෙකුගේ හා එක් දියණියකගේ පියෙකි.