ස්වයංක්රීය ධාවනයක් සහිත ටෙස්ලා එස් මාදිලියේ මෝටර් රථයක් ඇමෙරිකාවේදී දරුණු අනතුරකට ලක්වීමත් සමග එවැනි මෝටර් රථවල ධාවන තාක්ෂණය වඩාත් ආරක්ෂාකාරී කිරීම සඳහා වාහන නිෂ්පාදකයන් හා නියාමකයන් අතර සාකච්ඡා ආරම්භ වී තිබේ.
පසුගිය මැයි මාසයේදී ෆ්ලොරීඩා අධිවේගී මාර්ගයකදී සිදුවූ මෙම මාරාන්ති අනතුර එදාමෙදා තුර ස්වයංක්රීය ධාවනයක් සහිත මෝටර් රථවල සිදුවූ ප්රථම අනතුරයි.
එහිදී, වාහනයේ තිරිංග යෙදීම, සුක්ඛානම පාලනය හා ධාවන තීරණ ගැනීමේදී ස්වයංක්රීය ධාවනයක් සහිත මෝටර් රථවල ක්රියාකාරීත්වය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ සැකසංකා ඇති වී තිබේ.
මේ තත්ත්වය මත ඇමෙරිකානු රජය විසින් ස්වයංක්රීය ධාවනයක් සහිත මෝටර් රථ සඳහා විශේෂ නීති සංග්රහයක් හඳුන්වාදීමට සූදානම් වන බවද විදෙස් වාර්තා පවසයි.
මැයි 7 වැනිදා සිදුවූ අනතුරින් ටෙස්ලා එස් රථයේ ගමන්කළ රියදුරා ජීවිතක්ෂයට පත්වූයේ එය ස්වයංක්රීය ධාවනයේ යෙදෙන අවස්ථාවේදී ට්රැක්ටර් ටේලරයක ගැටීමෙනි.