සංක්රමණික අර්බුදය විසඳීම වෙනුවෙන් යුරෝපා කොමිසම ගනු ලැබූ තීරණය ක්රියාත්මක නොවුණහොත් සිය දේශසීමා වසා දමන බව ස්ලොවේනියාව පවසයි.
හංගේරියාව සිය දේශසීමා වසා දැමීමත් සමග පසුගිය දින 10ක කාලය තුළ සංක්රමණිකයන් 85,000ක් ස්ලොවේනියාව වෙත ඇතුළු වී තිබේ.
එමෙන්ම, ඔස්ට්රියාවද සංක්රමණිකයන් පාලනය කිරීම සඳහා දේශසීමා වසා දැමීමට කටයුතු කළේ පැමිණෙන දහස ගණනක් වූ සංක්රමණිකයන් දරාගත නොහැකි බැවිනි.
මේ අතර, ශීත කාලයේ උදාවද තවමත් සංක්රමණිකයන්ගේ පැමිණීම අඩාල වීමට හේතුවක් වී නොමැති බව විදෙස් වාර්තා පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුව මෙම වසර තුළ පමණක් ලක්ෂ 7ක ආසන්න සංක්රමණිකයන් පිරිසක් බෝට්ටු මගින් යුරෝපය වෙත පැමිණ ඇති අතර, ඉන් බහුතරය සිරියාවේ සිට පැමිණ ඇත.