ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් බවට පත්වීම සඳහා එම ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැමැත්ත ප්‍රකාශ කර ඡන්දය ලබාදී තිබේ.
ඒ අනුව, කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් බවට පත්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත්වීම ඊයේ සිදුවිය.
කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් බවට පත්වීමට එම ප්‍රාදේශීය පාර්ලිමේන්තුව බහුතර ඡන්දයෙන් තීරණය කිරීමද විශේෂත්වයකි.
එහිදී, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වර්ජනය මැද පැවති ඡන්ද විමසීමේදී 70 - 10 ක් ලෙසින් ප්‍රතිඵල නිකුත්වී තිබුණි.
කෙසේ වෙතත්, ස්පාඤ්ඤ අගමැති මරියානෝ රජෝයි මීට පෙර සෙනෙට් මණ්ඩලයට දන්වා තිබුණේ, කැටලෝනියාවට නීතිය, ප්රජාතන්ත්රවාදය මෙන්ම ස්ථාවරත්වය රැගෙන ඒම සඳහා එය මධ්‍යම රජයේ සෘජු පාලනය යටතට ගත යුතු බවය.