දෙසැම්බර් මාසයේදී අවිනිශ්චිත වූ මහ මැතිවරණය කෙරෙහි පැවති අවහිර බිඳ දැමීමට ස්පාඤ්ඤයේ ප්‍රබල දේශපාලන පක්ෂ හතරම අපොහොසත් වීමෙන් පසුව එරට පැවැත්වෙන අද (26දා) මහ මැතිවරණයකට දොරගුළු විවෘත විය.
කෙසේ වෙතත්, අද පැවැත්වෙන මැතිවරණය එරට අර්බුද සම්පූර්ණයෙන් විසඳනු ඇති බවට විශ්වාසයක් නැතත්, කන්සවර්ටිව් පොපියුලර් පක්ෂය පාර්ලිමේන්තු බහුතරයකින් තොරව මැතිවරණය ජයගනු ඇති බව විශ්වාස කරයි.
එමෙන්ම, පූර්ව මැතිවරණ පුරෝකතනයන්ට අනුව යුනිඩෝස් පොඩිමෝස් පක්ෂය, සෝෂලිස්ට් පක්ෂය අභිභවා දෙවැනි ස්ථානයට පත්වනු ඇති බවද කියවුණි.
කෙසේ වෙතත්, මෙම පක්ෂ දෙක පුළුල් වාමාංශික ඒකාබද්ධතාවකට ගමන් කළ හැකි පක්ෂ දෙක ලෙසද සැලකුණි.
මේ අතර, මධ්‍ය දක්ෂිණාංශික සියුඩානෝස් පක්ෂය මෙවර මහ මැතිවරණයෙන් සිව්වැනි තැනට පත්වනු ඇති බවට පුරෝකථන ලැබී තිබේ.
ග්‍රිනීච් වේලාවෙන් උදෑසන 7.00 ට ආරම්භ වූ ඡන්දය ප්‍රකාශ කිරීම සවස 6.00 ට අවසන් වීමට නියමිත අතර, ප්‍රතිඵල ඉන් පැය දෙක තුනකට පසුව ප්‍රකාශයට පත්වීමටද නියමිතය.