බදු මුදල් වංචා කිරීම හා කළු සල්ලි ජාවාරම් කිරීම යන චෝදනා මත අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් ස්පාඤ්ඤයේ ජුවාන් කාර්ලෝස් රජුගේ බාල දියණියට වරෙන්තු නිකුත් කර ඇත.
ඉන්ෆන්ටා ක්රිසිටිනා නම් වූ කුමරිය අදාළ නඩුවේ සැකකාරියක ලෙස නම් කර ඇති අතර, එළැඹෙන මාර්තු මාසයේ මැයොර්කා අධිකරණයේ පෙනී සිටින ලෙසට ඇයට වරෙන්තු නිකුත් කර තිබේ. ක්‍රිස්ටිනා කුමරිය සිය සැමියා වන ඉනාකු උර්දන්ගාර්නිගේ ව්‍යාපාර හවුල්කාරියක් වන අතර, ඔහු තමන් පවත්වාගෙන ගිය පුණ්‍යායතනයකට ලබාදුන් මහජන මුදල් අනිසි ලෙස භාවිත කර ඇති බව කියැවෙයි. මේ නිසා ඔහුට විරැද්ධව වසරකට වැඩි කාලයක් පුරා ඒ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවද ස්පාඤ්ඤ මාධ්‍ය පවසයි.
මෙම නඩු විභාගය නිසා ස්පාඤ්ඤ රජ පවුල දැඩි අපහසුතාවකට පත්ව ඇති බවද එරටින් වාර්තා වෙයි.