ස්පාඤ්ඤ රාජකීය පවුලේ අධිකරණයකින් චෝදනා ලැබූ ප්‍රථම රාජකීය චරිතය ලෙස ක්‍රිස්ටිනා කුමරිය සැලකෙයි.
සිය ස්වාමියා හා තවත් පුද්ගලයන් 16 දෙනෙකු සමග සිදුකළේ යැයි කියන මහා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඇය මෙසේ ඇය චෝදනා ලබා තිබේ.
ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැනෙන මෙම නඩුවෙන් ඇය වරදකාරියක් බවට පත්වුවහොත් දැනට 50 වැනි වියෙහි පසුවන ක්‍රිස්ටිනා කුමරියට වසර 8ක සිරදඬුවමකට යටත්වීමට සිදුවනු ඇත.
මෙම අධිකරණමය ක්‍රියාමාර්ගය ස්පාඤ්ඤ රාජකීය පවුල මේ වනවිට මුහුණදෙන දරුණුතම අභියෝගයක් ලෙසද සැලකෙයි.