ස්පාඤ්ඤයේ කැම්බ්රිල්ස් නගරයද ඉලක්ක කරමින් එල්ල කිරීමට ගිය තවත් වෑන් රථ ප්රහාරයක් වළක්වා ගැනීමට ස්පාඤ්ඤ පොලීසිය සමත් වූ අතර, සිද්ධියෙන් ත්රස්ත සැකකරුවන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
මෙම ප්රහාරයෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලැබූ අතර, පසුව එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය.
මෙම ප්රහාරයට පැමිණි ත්රස්තයන් ගමන්ගත් කාර් රථය පාරේ පෙරළී යෑමත් සමග එහි සිටි ත්රස්තයන් පිටතට පැමිණෙන විට ඔවුන් වෙත පොලිස් වෙඩි ප්රහාර එල්ල විය.
මේ අතර, එක් ත්රස්තයෙකු මන්නා පිහියක් අතැතිව සිටි බවද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මෙම ප්රහාරයට පෙර බාසිලෝනා හි සිදුවූ වෑන් රථ ප්රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත්, 100කට ආසන්න පිරිසක් තුවාල ලැබූ අතර, රථයේ රියදුරු ප්රහාරයෙන් පසුව පළා ගොස් තිබුණි.
මෙම පළමු ප්රහාරයෙන් පසුව ඉස්ලාම් රාජ්ය IS ත්රස්ත සංවිධානය එහි වගකීම භාරගනු ලැබීය. මේ අතර, ස්පාඤ්ඤ අගමැති මරීනෝ රජෝයි අවධාරණය කළේද මෙය ජිහාඩ් ප්රහාරයක් බවයි.
බදාදා දිනයේදී ඇල්කනාර් නගරයේ නිවසක් පුපුරා යමින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මෙන්ම, බාසිලෝනා සහ කැම්බ්රිල්ස් ප්රහාර අතර සම්බන්ධතාවක් පවතින බව පොලීසිය විශ්වාස කරයි.