ඇමෙරිකාවේ හිටපු බුද්ධි අංශ නිලධාරී එඩ්වඩ් ස්නෝව්ඩන්ට රුසියාව තුළ රැඳී සිටීමට ලබාදී ඇති කාලසීමාව තවදුරටත් වැඩි කිරීමට රුසියාව කටයුතු කර ඇති බව ඔහුගේ නීතීඥයන් පවසයි.
ජූලි 31 වැනිදායින් අවසන් වූ ඔහුගේ රැඳී සිටීමේ කාලසීමාව මෙසේ දීර්ඝ කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
2013 වසරේදී ඇමෙරිකාවෙන් පැමිණි ස්නොව්ඩන් එරට ජාතික ආරක්ෂක ඒජන්සිය සම්බන්ධ තොරතුරු රැසක් ලෝකය හමුවේ හෙළි කළේය.
විශේෂයෙන්ම ආරක්ෂක ඒජන්සිය විසින් සිදුකරන දුරකථනවලට හොර රහසේ සවන්දීමේ මෙහෙයුම ඔහු හෙළිකළ කරුණු අතර ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය.
මේ අනුව, රාජ්ය දේපළ හා වැදගත් දත්ත සොරාගැනීමට එරෙහිව ඔහුට විරුද්ධව චෝදනා ගොනු කිරීමට ඇමෙරිකාව දැනටමත් කටයුතු කර ඇත.