ස්ටාර් වෝස් R2-D2 දීර්ඝ දිවියට සමුදෙයි
- 14 08 2016
- 09:40
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ස්ටාර් වෝස් කතා මාලාවේ චිත්‍රපට හයක R2-D2 රොබෝ චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පී කෙනී බෙකර් කළුරිය කරයි.
1977 වසරේදී ප්‍රථම ස්ටාර් වෝස් චිත්‍රපටයේ C-3PO රොබෝ චරිතයෙන් ජනප්‍රියත්වයට පත්වූ බෙකර් මිය යනවිට 81 වැනි වියෙහි පසුවිය.
බර්මින්ග්හැම් හිදී උපත ලැබූ බෙකර් දායක වූ සෙසු චිත්‍රපට අතර ටයිම් බැන්ඩිට්ස් සහ ෆ්ලෑෂ් ගෝඩ්න් ජනප්‍රියත්වයට පත්විය.
ස්ටාර් වෝස් චිත්‍රපටවලින් අනතුරුව එම චිත්‍රපට සමග ලොව පුරා පැවති රසික සංසදයන් සමග සම්බන්ධ වීමටද බෙකර් අමතක නොකළේය.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
