යුරෝපය මුහුණදී සිටින දරුණු සරණාගත අර්බුදය සම්බන්ධයෙන් හදිසි සාකච්ඡාවක් සඳහා යුරෝපා සංගමයේ ප්‍රබල රාජ්‍යයන් හතරක විදේශ අමාත්‍යවරු සූදානමින් සිටිති.
යුරෝපා කලාපයේ දකුණුදිග දේශසීමා හරහා දහස් ගණන් සංක්‍රමණිකයන් වැළ නොකැඩී ඇදී එන පරිසරයක් තුළ කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව ඇති වී තිබේ.
විශේෂයෙන්ම පෝලන්තය, හංගේරියාව, චෙක් ජනරජය හා ස්ලෝවැකියාව සංක්‍රමණිකයන් බාරගැනීම තරයේ ප්‍රතික්ෂේප කිරීමත් සමග යුරෝපා සංගමයේ බෙදීමක්ද ඇතිවී තිබේ.
එහිදී, ජර්මනිය හා ප්‍රංශය බලාපොරොත්තු වන්නේ යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් තුළ සංක්‍රමණිකයන් බෙදාහදා ගැනීමකටය.
සඳුදා උදෑසන වනවිට සංක්‍රමණිකයන් 29,000ක් දේශසීමා තරණය කළ බව ක්‍රොඒෂියාව පවසා සිටියේය.