උතුරු ඉන්දීය උත්තර් ප්රදේශ් ප්රාන්තයේ ගම්මානයකදී සමූහ දූෂණයට ලක්කොට ගසක එල්ලා මරා දමන ලද බවට සැක කෙරෙන ඥාති සහෝදරියන් දෙදෙනා සම්බන්ධ පොලිස් පරීක්ෂණ මන්දගාමී ස්වරූපයෙන් පැවැත්වීම ගැන ඥාතීහු කෝපයෙන් පසුවන බව වාර්තා වෙයි.
දැරියන් දෙදෙනා නිවසින් අතුරුදන්ව ඇති බව දැනුම්දී පැය 12කට අධික කාලයක් ගතවන තුරුත් පොලිසිය එම ස්ථානයට නොපැමිණි බවද ඔවුහු චෝදනා නඟති.
එක් දැරියකගේ පියෙකු පවසා තිබුනේ, සිය පැමිණිල්ල පිළිබඳව පොලිසිය කිසිදු තැකීමක් නොකළ බවයි.
දැරියන් මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට ප්රදේශවාසී පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.
සිය රාජකාරිය පැහැර හරින ලද බවට චෝදනා ලත් පොලිස් නිලධාරියකුද ඒ අතර සිටින බව වාර්තා වෙයි.