සමාජජාල තුළ සිදුකළ ලිංගික තර්ජනයක් නිසා වැඩ වරදී
සමාජජාල අඩිවි හරහා ලිංගික තර්ජන සිදුකළ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට එරෙහිව චෝදනා ගොනුවීමත් සමග අන්තර්ජාල අඩන්තේට්ටම්වලට එරෙහිව සුවිශේෂී ජයග්‍රහණයක් හිමි වූ බව ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.
සැච් අල්චින් නමැති 25 හැවිරිදි තරුණයෙකුට එරෙහිව මෙසේ චෝදනා ගොනුවී ඇති අතර, තම මිතුරන් විසින් හුවමාරු කළ කාන්තා ඡායාරූප කිහිපයකට අදහස් දක්වමින් ඔහු මෙම ලිංගික තර්ජනය සිදුකර තිබුණි.
කෙසේ වෙතත්, මෙම තැනැත්තා පසුව පොලීසිය ඉදිරියේ සමාව අයැදමින් පවසා තිබුණේ, තමන් බීමතින් සිටි අවස්ථාවක මෙය අපරාධයක් බව නොදැන මෙසේ අදහස් දක්වා ඇති බවයි.
කෙසේ වෙතත්, ඔහුගේ සමාව අයැදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇති අතර, එම නඩුවෙන් ඔහු වැරදිකරු වුවහොත් වසර 3ක සිර දඬුවමක් නියම වනු ඇති බවත් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.
	 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                