ඇෆ්ගනිස්ථානයේ, කාබුල් අගනුවර හමුදා කැඩෙට් භට පිරිසකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමග පසුගිය සතිය තුළ සන්නද්ධ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ පිරිස 200 ඉක්මවා තිබේ.
පැය 24ක කාලයක් තුල කාබුල් නගරයට එල්ල වූ මෙම දෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් කැඩෙට් භටයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ප්‍රහාරයේ වගකීම තලේබාන් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය විසින් භාරගන්නා තිබුණි.
ෂියා මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් පසුගිය 20දා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සහ වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබුණු අතර, IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් එහි වගකීම භාරගෙන තිබුණි.
මේ අතර, ඝෝර් පළාතේ පිහිටි සුන්නි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාරයකින් තවත් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්විණි.