සටන් විරාමය සමග ඇලෙප්පෝ නිහඬයි
සිරියාවේ පවතින යුද ගැටුම් හේතුවෙන් දැඩි විනාශයකට පත්ව තිබූ ඇලෙප්පෝ නගරයේ ජීවත් වන ජනතාව සටන් විරාමයත් සමග අස්වැසිල්ලක් ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මීට සති කිහිපයකට පෙර අතිශය දරුණු ගැටුම් පැවති රමවුෂේ නගරයේ මේ වනවිට කුඩා දරුවන් වීදිවල දැකිය හැකිය.
කෙසේ වෙතත්, නගරය තුළ විනාශයට පත් නොවූ එකදු ගොඩනැගිල්ලක්වත් නොමැති අතර, කාලයකට පෙර අතිශය රමනීය නගරයක්ව පැවති ඇලෙප්පෝ වර්තමානයේදී නටඹුන් ගොඩක් බවට පත්කර ඇත.
මේ අතර, නගරය වෙත එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර තොගද මේ වනවිට ලැබෙමින් පවතින බව කියැවෙයි.
ඇමෙරිකාව හා රුසියාව විසින් මෙම සටන් විරාමය සඳහා එකඟත්වයකට පැමිණියේ මාස කිහිපයක් පැවති දීර්ඝ සාකච්ඡා වටයකින් පසුවය.
කෙසේ වෙතත්, අවසානයේදී දෙරට අතර එකඟතාව ආරම්භ වූ අතර, ඇමෙරිකාව හා රුසියාව ඒකාබද්ධව IS ඉස්ලාම් රාජ්ය ත්රස්තවාදය මුලිනුපුටා දැමීමේ ක්රියාමාර්ගයකටද අඩිතාලම දැමුණි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

