පලස්තීන සටන්කාමී සංවිධානය වන හමාස් සංවිධානය විසින් අද උදෑසන අවසන්වීමට නියමිත සටන් විරාමයේ කිසිදු ආකාර දීර්ඝ කිරීමකට එකඟ නොවන බව නිවේදනය කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ඊශ්‍රායලය ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ඇහුම්කන්දීමට සූදානම් නොමැති බවයි. එහිදී, නාවික කටයුතු වෙනුවෙන් ගාසා වරාය විවෘත කිරීමටද ඔවුන් එකඟ නොවන බව හමාස් සංවිධානය පවසයි.
එරට වේලාවෙන් උදෑසන 8.00 ට කලින් පැවති සටන් විරාමය අවසන් වීමත් සමග පලස්තීනය දෙසින් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර කිහිපයක්ම එල්ල වි තිබේ.
කෙසේ වෙතත්, මෙම ප්රහාරයන්ට ඊශ්‍රායලය තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බවද විදෙස් පුවත් සේවා පවසයි.
පසුගිය සති හතරක ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ මිනිස් ජීවිත 1,940ක් අහිමි වී තිබේ.
පලස්තීන බලධාරීන් පෙන්වා දෙන පරිදි එරට වැසියන් 1,875ක් මරණයට පත්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන පරිදි මියගිය අයගෙන් 1,354ක් සාමාන්‍ය වැසියන්ය. ඒ අතර, ළමුන් 415ක් හා කාන්තාවන් 214ක්ද සිටී.