පැය පහක කාලයක් වෙනුවෙන් ඊශ්රායලය හා පලස්තීනය අතර සටන් විරාමයක් ඇතිවී තිබුණත්, ඒ කාලය අතරතුර පවා ඊශ්රායලය දෙසට මෝටාර් ප්රහාර එල්ල වී ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, සතියකට වඩා වැඩි කාලයක සිට ඇවිලී යන මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මේ වනවිට පලස්තීන වැසියන් 227 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පලස්තීනය චෝදනා කරන්නේ ඊශ්රායලය විසින් එල්ල කරනු ලබන ගුවන් ප්රහාර මෙකී මරණවලට වගකිව යුතු බවය.
එමෙන්ම, හමාස් සංවිධානය විසින් එල්ල කරන මෝටාර් ප්රහාරවලින් එක් ඊශ්රායල් වැසියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අවසාන වශයෙන් පුද්ගලයන් විශාල පිරිසක් මෙම ප්රහාර නිසා තුවාල ලබා තිබේ.