නැගෙනහිර සහ උතුරුදිග ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනතාවට ඊශ්රායලය විසින් අනතුරු ඇඟවීමක් කරමින් තම නිවෙස් අත්හැර යන ලෙස පවසා ඇත්තේ තමන් තවදුරටත් ගුවන් ප්රහාර එල්ල කරන බව පවසමිනි.
ඊජිප්තුවේ මැදිහත්වීමෙන් සටන් විරාමයක් වෙත යෑම කඩාබිඳ වැටීමත් සමග මෙම ක්රියාමාර්ගයට ඊශ්රායලය යොමුවී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මුලින්ම හමාස් සංවිධානය සටන් විරාමය ප්රතික්ෂේප කළ අතර, පසුව ඔවුන් කියා තිබුනේ තමන් දේශපාලන විසඳුමකට කැමති බවය.
කෙසේ වෙතත් පලස්තීන හමාස් සංවිධානය නොනවත්වා රොකට් ප්රහාර එල්ල කරන බැවින් ඊට ප්රතිචාර දැක්වීමක් ලෙස සිය ගුවන් ප්රහාර සිදුකරන බව ඊශ්රායලය අවධාරණය කරයි.
මේ යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට පලස්තීනය තුළ පුද්ගලයන් 194 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.