අතුරුදන් වූ ඊශ්රායල් සොල්දාදුවා මූලික කරගනිමින් මේ වනවිට නැවතත් ගාසා තීරයේ සටන් ආරම්භ කරමින් ඊශ්රායලය විසින් දැවැන්ත ප්රහාර මාලාවක් දියත් කර ඇති අතර, හමාස් සටන්කාමීන්ද සිය රොකට් ප්රහාර අරඹා ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
පැය 72ක කොන්දේසි විරහිත සටන් විරාමයක් වෙත දෙපාර්ශවයම පැමිණියත් ඊශ්රායල් සොල්දාදුවෙකු පැහැර ගැනීමකට ලක්ව ඇති බව පවසමින් ඊශ්රායලය පලස්තීනයට චෝදනා නගන්නට විය.
ඒ අනුව, සටන් වරාමයට තිත තැබෙමින් නැවත ගැටුම් ආරම්භ වී ඇති අතර, අද දිනයේ මේ වනවිට පලස්තීන වැසියන් 52 දෙනෙකු ඝාතනය වී ඇති බව ඔවුන් පවසයි.
එහිදී, ඊශ්රායල් සොල්දාදුවා අතුරුදන් වූයේ යැයි කියන රෆා ප්රදේශය වෙත වැඩි වශයෙන් ප්රහාර එල්ල වී තිබේ.