දැඩි උණුසුමක් සහිත පරිසරයක සංචාරකයන් ප්‍රවාහනය සඳහා යොදාගත් කාම්බෝජ අලියෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග සංචාරක ව්‍යාපාරය සඳහා අලින් යොදාගැනීමට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීම අරඹා තිබේ.
දැඩි දාහයක් පවතින මේ දිනවල සෙල්සියස් අංශක 40ක පමණ උෂ්ණත්වයක මෙම අලියා සේවයේ යොදවා ඇති බවත්, එම සතාගේ මරණ පරීක්ෂණයේදී දැඩි වෙහෙස, අධි රුධිර පීඩනය හා හදිසි හෘදයා බාධය එම සත්වයාගේ මරණයට හේතුව බව අනාවරණය වී තිබේ.
මෙවැනි සංචාරක ව්‍යාපාරයන් වෙනුවෙන් සතුන්ට දැඩි වෙහෙසක් දෙන ආකාරයෙන් කටයුතු කිරීම සතුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් විසින් දක්වන විරෝධය, මෙම අලියාගේ මරණයත් සමග තීව්ර වී තිබේ.
මෙසේ මරණයට පත්වූ අලියා වයස අවුරුදු 45ක පමණ වයසක පසුවන බවත්, ආසියානු අලියෙකුගේ ආයු කාලය බොහෝ විට එම කාල සීමාවේදී අවසන් වන බවත් කාම්බෝජ බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, මෙම ආසියානු අලි වඳවී යාමේ දැඩි තර්ජනයකට මුහුණදී සිටින සතුන් ලෙස ජාත්‍යන්තර පරිසර සංවිධාන රැසක් අවධාරණය කර ඇති අතර, කාම්බෝජය තුළ මේ වනවිට ගෘහස්ත අලි ඇතුන් 70ක් පමණ ජීවත් වන බවද කියැවෙයි.