ග්රීසිය වෙත සංක්රමණිකයන් ප්රවාහනය කරමින් සිටි බෝට්ටුවක් පෙරළීමෙන් 40ක් ජීවිතක්ෂයට පත්ව තවත් 75 දෙනෙකු බේරාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
තුර්කියේ බටහිර වෙරළට ඔබ්බෙන් මෙම අනතුර සිදුව ඇති අතර, මෙය මෙම වසරේ සංක්රමණික අනතුරු අතර සැලකිය යුතු ජීවිත හානි ප්රමාණයක් සිදුවූ අනතුරක් ලෙස සැලකෙයි.
පසුගිය වසරේ මිලියනයකට ආසන්න සංක්රමණික පිරිසක් යුරෝපා කලාපය වෙත ඇතුළු වී ඇති අතර, මෙම ගමනේදී 3,600කට වැඩි පිරිසක් දියේ ගිලී ජීවිතක්ෂයට හෝ අතුරුදන් වී තිබේ.
මීටර් 17ක් පමණ දිගින් යුතු වූ බෝට්ටුවේ සංක්රමණිකයන් 120 දෙනෙකු රැගෙන පැමිණි බව පවසන අතර, තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව සිටින බැවින් තුර්කි වෙරළාරක්ෂක භටයන් සෝදිසි මෙහෙයුම් සිදුකරයි.