(PICTURE) යුරෝපය වෙත සංක්රමණිකයන් රැගත් අනවසර සංක්රමණික බෝට්ටුක සිටි දහසකට ආසන්න පිරිසක් ලිබියාව ආසන්න මුහුදේදී බේරාගැනීමට ඉතාලි වෙරළාරක්ෂක කණ්ඩායම් සමත්ව ඇත.
ප්රමාණයට වඩා විශාල පිරිසක් නංවාගෙන පැමිණ සිටි මෙම යාත්රාව තුළ මළ සිරුරු 22ක් දක්නට ලැබුණු බව ඡායාරූප ශිල්පී ඇරිස් මැසිනිස් පවසයි.
එමෙන්ම, ඉතාලි බලධාරීන් තහවුරු කරන ආකාරයට මෙම අනතුරින් පුද්ගලයන් 28 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
එහිදී, මියගිය අයගේ සිරුරු මතින් නගිමින් තමන්ගේ දිවි බේරාගැනීම සඳහා සෙසු පිරිස් පොරබදින දසුන හද කම්පා කරවන සුළු වූ බවත්, ඇතැම් අවස්ථාවල ඉතා කුඩා බිළිඳන් මුහුදේ වැටී සිටියදී බේරාගන්නා දසුන් දැකිය හැකි වූ බවත් ඡායාරූප ශිල්පියා පවසයි.
මෙම දින කිහිපයේදී අනවසර සංක්රමණික බෝට්ටුවල සිටි පන්දහසකට ආසන්න පිරිසක් බේරාගැනීමට ඉතාලි වෙරළාරක්ෂක බලකාය කටයුතු කර ඇති අතර, මේ දිනවල පවතින යහපත් කාලගුණය මිනිස් ජාවාරම්කරුවන් වාසියට හරවා ගැනීම නිසා අනවසර යාත්රා පැමිණීම වැඩි වී ඇති බවද කියැවෙයි.
මෙසේ පැමිණි වැඩි දෙනා අප්රිකානු කලාපයෙන් පැමිණි අය වන අතර, ඔවුන් යුරෝපය වෙත සංක්රමණය වීමේ බලාපොරොත්තුවෙන් ජීවිතය පරදුවට තැබූ මේ භයානක සංචාරය සිදුකර තිබුණි.