හංගේරියානු දේශසීමා නැවත වසාදැමීමත් සමග බෝල්කන් මුහුදු කලාපය හරහා පැමිණෙන සංක්‍රමණිකයන් ක්‍රොඒෂියාව හරහා ස්ලොවේනියාව වෙත අද වන විට පැමිණ තිබුණි.
යුරෝපය කරා ඇදෙන දස දහස් ගණන් සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් යුරෝපා කලාපය බෙදුණු පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබේ.
හංගේරියාවේ දක්ෂිණාංශික රජය එරට දකුණුදිග දේශසීමා වසාදැමීමට තීරණය කරමින් සංක්‍රමණිකයන්ගේ ගමන වැළැක්වීමට කටයුතු කළේ මීට මසකට පෙර සර්බියාව සමග වූ දේශසීමාවද වසා දැමූ ආකාරයෙනි.
ඒ අනුව, හංගේරියාව හරහා යුරෝපය වෙත පැමිණෙමින් සිටි සංක්‍රමණිකයන්ට සිය ගමන් මාර්ගය වෙනස් කර ස්ලොවේනියාව වෙත පැමිණ තිබුණි.