ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව එරට පොලීසිය හා සෞඛ්‍ය බලධාරීහු පවසති.
අවම වශයෙන් සිවිල් වැසියන් 13 දෙනෙකු ප්‍රහාරය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කධිමියා දිස්ත්‍රික්කයට ඇතුළුවන ආරක්ෂක මුරපොළේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
බෝම්බයට බිලිවූ වැඩි පිරිසක් ෂියා දේවස්ථානයක් වෙත ගමන් කරමින් සිටි පිරිසක් බවද කියැවෙයි.
කෙසේ වෙතත් ISIS ඉස්ලාමීය සටන්කාමීන්ගේ ආක්‍රමණය හේතුවෙන් මේ වනවිට ඉරාක රජයද දැඩි අස්ථාවරත්වයකට පත්ව තිබේ.
එම ත්රස්තයන් වයඹදිග ඉරාකයේ ප්‍රදේශ රැසක් තම පාලනයට නතු කරගෙන ඇති අතර, එරට තුළ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටවූ බවද අවධාරණය කර තිබුණි.
මේ තත්ත්වය තුළ වරින් වර එල්ල වන මෙම බෝම්බ ප්‍රහාරයන්ද වැඩි වශයෙන්ම සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් ෂියා වැසියන් ඉලක්ක කරන ප්‍රහාර ලෙස සැලකෙයි.