කෙන්යානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමත් සමග එළැඹෙන ඔක්තෝබර් 17දා යළිත් ජනධිපතිවරණය පැවැත්වෙන බව එරට මැතිවරණ මණ්ඩල ප්‍රධානියා නිවේදනය කරයි.
මැතිවරණ මණ්ඩලයේ ප්‍රධානී වෆූලා චෙකුබාටි තහවුරු කරමින් පවසා සිටියේ වත්මන් ජනපති උහුරු කෙන්යාටා සහ විරුද්ධ පක්ෂ නායක රයිලා ඔඩින්ගා වෙත පමණක් මෙවර ඡන්ද පත්‍රිකාවට ඇතුළත් වන බවයි.
පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා බවට කෙන්යාටා ප්‍රකාශයට පත්වුවත්, මහා මැතිවරණ දූෂණයක් සිදුවූ බව පවසමින් විපක්ෂ නායක ඔඩින්ගා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේය.
ඒ අනුව, අප්‍රිකානු ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විරුද්ධ පක්ෂයක් විසින් අභියෝගයට ලක්කළ ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් අවලංගු කරමින් යළිත් මැතිවරණයක් පැවැත්වීමට නියෝග කළේය.
එමෙන්ම, පැවති මැතිවරණයෙන් දින 60ක් ඇතුළත නව මැතිවරණයක් පැවැත්විය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.