ශ්‍රීදේවි හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලබයි
ඉන්දියාවේ ජාතික චිත්‍රපට සම්මාන උලෙළෙහි හොඳම නිළිය ලෙස පසුගිය පෙබරවාරි මාසයේදී ජීවිතයෙන් සමුගත් ශ්‍රීදේවි කපූර් නම් කර තිබේ.
තම රංගන දිවියේ අවසන් රංගනය වෙනුවෙන් මෙසේ ඇගයීමට පත් නැසීගිය ශ්‍රීදේවි වෙනුවෙන් ඇගේ ස්වාමියා සහ දියණියන් දෙදෙනා විසින් සම්මානය භාරගන්නා ලදී.
54 වැනි වියෙහි පසුවූ ශ්‍රීදේවි ඩුබායි හි සිය ඥාතියෙකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට ගොස් සිටියදී ඇය නැවතී සිටි හෝටලයේ නාන තටාකයේ ගිලීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව සඳහන් වුවත්, එම මරණය විවාදයට තුඩුදෙන්නක් විය.
මුලින් ඇය හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වුවත්, පසුව ඇය සිහිසුන්ව නාන තටාකයට ඇද වැටී එහි ගිලී ජීවිතක්ෂයට පත්වූ බව කියවුණි.
මෙම සම්මානය ලබාගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ බොනී කපූර් පවසා සිටියේ ශ්‍රීදේවි සිටියේ නම් ඇය මේ සම්මානය සම්බන්ධයෙන් බොහෝ සතුටට පත්වනු ඇති බවයි.
ඉන්දියාවේ නව දිල්ලියේ පැවති මෙම සම්මාන උලෙළෙහිදී නැසීගිය රංගන ශිල්පී සහ දේශපාලඥයෙකු වූ විනෝද් ඛන්නාද සම්මානයට පාත්‍ර වූ අතර, ඔහු ඉන්දියානු සිනමා ක්ෂේත්රයේ ඉහළම සම්මානය ලෙස පිළිගැනෙන ඩාඩාසහේබ් ෆල්කේ සම්මානයෙන් පිදුම් ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



