1909 තරම් ඈතට දිවයන වසර 100ක් පමණ පැරණි මාෆියා මරණයක් සම්බන්ධයෙන් වූ අබිරහසක් හෙළිකර ගැනීමට හැකිවූ බව ඉතාලයේ සිසිලි දූපත් පොලිසිය පවසයි.
තම සීයා කෙනෙකු විසින් නිව්යෝක් නුවර සිට පැමිණි පොලිස් නිලධාරියකු මරා දැමූ බව සිසිලියේ මාෆියා කල්ලි සාමාජිකයකු සිය මිතුරෙකුට පවසන ආකාරය පොලිස් නිලධාරියෙකුගේ සවන වැකීමෙන් පසු කාලයේ වැලි තලාවෙන් වැසී ගිය මෙම සිදුවීම යළි කරළියට පැමිණ තිබේ.
මාෆියා කල්ලි පිළිබඳ තොරතුරු සොයා බැලීම පිණිස ඇමෙරිකානු පොලිස් නිලධාරී ජෝ පෙට්රොසිනෝ 1909 දී සිසිලියේ සංචාරයක නිරත විය.
ඔහුගේ ඝාතනයෙන් නිවුයෝක් නගරය කැළඹුනු අතර දහස් ගණන් ජනතාව ඔහුගේ අවමගුල් උත්සවයට එක්ව සිටියහ.
සංවිධානාත්මක අපරාධ කල්ලිවලට එරෙහිව කටයුතු කළ වීරයකු ලෙසින් සැලකුණ ජෝ පෙට්රොසිනෝගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුට දඬුවම් පැමිණවීමක් සිදුකර නොතිබිණි.
සිසිලි පොලීසිය පවසන්නේ සිදුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු විමර්ශණය කරන බවයි.