පසුගිය දෙසැම්බර් මාසයේදී වාර්තා නොවූ සීත දේශගුණය මේ වනවිට ඇමෙරිකාවට දැඩිව බලපා ඇති බවත්, වොෂිංටනයට වාර්තාගත හිම පතනයක් සිදුවන බවත් විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, පසුගිය සිකුරාදා වනවිට වොෂිංටනය ආශ්රිතව අඩි 3ක පමණ හිම පතනයක් පැවති බවත්, හිම පතනය සමග සිදුවූ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් කියැවෙයි.
මෙම දැඩි ශීත කාලගුණය ආර්කන්සාස්, ටෙනිසී සහ කෙන්චකි යන ප්රාන්තවලටද ප්රබලව දැනී ඇති බව එරට කාලගුණ අංශ පවසයි.
මේ අතර ෆිලඩෙල්ෆියා හා නිව්යෝක් වෙතද හිම පතනයක් සැලකිය යුතු හිම පතනයක් සිදුව ඇති අතර, එහිදී අඟල් 12 - 18ත් අතර ප්රමාණයකින් ප්රදේශයම හිමෙන් වැසී ගොස් තිබේ.