ඉන්දියාවේ, කාශ්මීර ප්‍රාන්තයේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලබා සිටි එම ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
කාශ්මීර ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය ශබීර් අහමඩ් ඛාන් නමැති මෙම පුද්ගලයා, එම ප්‍රාන්තයේම සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍යවරියක සිය කාර්යාලයට කැඳවා, ඇයට බරපතල ලිංගික අතවරයක් කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වී තිබිණි.
ඉන්දියාව කාමාතුරයන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති බව අප මීට පෙරත් සඳහන් කළ අතර, මෙය එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා බලධාරීන් සම්බන්ධයෙන්ද මතුවූ අලුත්ම සිදුවීම බව කියැවෙයි. මෙම වසර ආරම්භයේදී එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෛකුටද ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල විය.