වෛද්‍ය හා භෞතික විද්‍යා නොබෙල් ත්‍යාග පිරිනැමේ
වෛද්‍ය විද්‍යාවට පිරිනැමෙන 2015 නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙකු අතරේ බෙදී ගොස් තිබේ.
ඇමෙරිකානු විද්‍යාඥ විලියම් කැම්ප්බෙල්, ජපාන ජාතික මහාචාර්ය සතොෂි ඔමුරා සහ චීන ජාතික වෛද්‍යවරියක වූ යුයූ ටූ අතරේ මෙම ත්‍යාගය බෙදී ගොස් තිබේ.
ඔවුන් විසින් පරපෝෂිත රෝග සම්බන්ධයෙන් සිදුකරනලද පරීක්ෂණ සහ මැලේරියාවට එරෙහිව ප්‍රතිකාර සොයාගැනීම සම්බන්ධයෙන් කරනලද පරීක්ෂණ මෙම ත්‍යාගයට හේතු වී තිබේ.
මේ අතර, භෞතික විද්‍යාව සඳහා 2015 නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් දෙදෙනෙකු අතරේ බෙදී ගොස් තිබේ.
විද්‍යාඥ තකාකි කජිතා සහ ආතර් මැක්ඩොනල්ඩ් ප්රමුඛ කණ්ඩායම් විසින් ජපානයේදී සහ කැනඩාවේදී සිදුකළ නියුට්රිනෝ හෙවත් විද්‍යුත් ආරෝපණය හා ස්කන්ධය ශුන්‍ය වූ මූලික අංශු සම්බන්ධ පර්යේෂණයක් වෙනුවෙන් මෙම ත්‍යාගය හිමිව තිබේ.
නොබෙල් සාම ත්‍යාගය එළැඹෙන සිකුරාදා පිරිනැමීමට නියමිතය.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

