තුර්කියේ මුහුදු වෙරළකට ගසාගෙන ආ කුඩා දරුවෙකුගේ මළ සිරුරක් හේතුවෙන් යුරෝපය වෙත පැමිණෙන සංක්‍රමණිකයින් පිළිබඳ වෙනස්ම ආකාරයේ කතාබහක් සමාජජාල තුළ නිර්මාණය වෙමින් පවතී.
සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගෙන් බේරීම සඳහා පළා යමින් සිටි අයිලන් කුර්දි නම් මේ තුන් හැවිරිදි දරුවාත්, ඔහුගේ පස් හැවිරිදි සොහොයුරා වන ගාලිප් ඔවුන් ගමන්ගත් බෝට්ටුව පෙරළීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූහ.
එමෙන්ම, මේ ඛේදවාචකයෙන් ඔවුන්ගේ මව වූ රිහාන් ද මියගිය අතර, පියා වූ අබ්දුල්ලා කුර්දි පමණක් දිවි ගලවා ගැනීමට සමත් විය.
දේශපාලන රැකවරණය පතා කැනඩාවට යාම වෙනුවෙන් ඥාතියෙකු විසින් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කළ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මෙසේ අනාරක්ෂිත මුහුදු මාර්ගයෙන් ග්‍රීසියට ළඟාවීමට ඔවුන් උත්සාහ කර ඇත.
කෙසේ වෙතත්, මෙම දරුවාගේ සිරුරු වෙරළේ වැටී ඇති ඡායාරූපය තුර්කි පුවත් සේවා ලොව පුරා ප්‍රචාරය කර තිබුණේ ‘වෙරළට සේදී ආ මිනිසත් බව’ යනුවෙනි.
මේ ඡායාරූපය මාධ්‍ය හා සමාජජාල තුළින් වේගයෙන් ප්‍රචාරය වීමත් සමග ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ප්රහාරෙවලින් බේරී පලා එන සරණාගතයින් හට යුරෝපා රටවල් සලකන ආකාරය පිළිබඳව මෙන්ම, මේ සරණාගතයන් සම්බන්ධයෙන් මුස්ලිම් ජාතික ධන කුවේර රාජ්‍යයන් ඇස්කන් පියාගෙන සිටීම ගැනද විවිධ අදහස් ඉදිරිපත්ව ඇත.
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට අනුව මෙම වසරේ මුල් භාගය තුළ සංක්‍රමණිකයින් 350,000 පමණ යුරෝපයට පැමිණ ඇති අතර, එසේ පැමිණෙන විට දියේ ගිලීමෙන් 2,600 ක් පමණ මිය ගොස් ඇත.