වෙරළට ගොඩගැසූ ආම්පන්න MH370 යානයෙන් ආ ඒවාද?
2014 මාර්තු මාසයේදී පුද්ගලයන් 239 දෙනෙකු සමග ඉන්දියන් සාගරයේදී අතුරුදන් වූ MH370 යානයේ තිබී මැඩගස්කර වෙරළට ගොඩගැසූ පෞද්ගලික ආම්පන්න යැයි සඳහන් ඡායාරූප කිහිපයක් ප්රසිද්ධ කර තිබුණි.
මෙම ඡායාරූප අතර ආම්පන්න 20ක් පමණ දැකිය හැකි බවත්, මේවා සැබවින්ම අතුරුදන් වූ මැලේසියානු යානයේ තිබූ ඒවාද යන්න සැකහැර දැනගැනීම සඳහා මෙසේ එම ඡායාරූප ප්රසිද්ධ කර තිබුණි.
ඇමෙරිකානු ජාතික නීතීඥයෙකු වූ බ්ලෙයින් ගිබ්සන් විසින් පවසා තිබුණේ, බොහෝ විට මෙම ඡායාරූපවල ඇති ආම්පන්න නෞකාවලින් වැටුණු ඒවා වීමටද හැකි බවයි.
කෙසේ වෙතත්, මීට පෙර එම යානයේ සුන්බුන් කිහිපයක් හමුවූ වෙරළේදීම මෙම ආම්පන්න හමුවීම තුළ ඒවා යානයේ සිටි මගීන්ගේ ආම්පන්න වීමටද ඉඩ ඇති බව ඔහු කියයි.
මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ මැලේසියානු යානය දකුණු ඉන්දීය සාගරය ආසන්නයේදී අතුරුදන් වීමෙන් පසුව එම යානය සොයා ලොව එදාමෙදා තුර සිදුකරන ලද දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් යානය පිළිබඳ නිශ්චිත හෝඩුවාවක් සොයාගත නොහැකි විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

